මුල් පිටුව > ප්‍රවෘත්ති > Content

ස්පාඤ්ඤයේ ලෙටීසියා රැජින බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයට පැමිණේ

Updated: 2025-11-17

නොවැම්බර් 13 වන දින ස්පාඤ්ඤයේ ලෙටීසියා රැජින බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ සංචාරයක නිරතවිය.

චීන අධ්‍යාපන අමාත්‍යාංශයේ පක්ෂ සාමාජික සහ අමාත්‍ය රෙන් යෞචුන්, ජාත්‍යන්තර සහයෝගිතා හා හුවමාරු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ යං ඩැන්, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යලයේ පාලක සභාවේ ලේකම් වං දිංහුවා, පාලක සභාවේ සහාපති සහ කුලපති ජ්‍යා වෙන්ජියෙන්,  පාලක සභාවේ ස්ථාවර සාමාජික සහ උප සභාපති ජාඕ ගාං යන අය මෙම අවස්ථාවට සහභාගී වූහ.  බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ස්පාඤ්ඤ සහ පෘතුගීසි ආයතනය, ජාත්‍යන්තර සම්බන්ධතා ආයතනය, අධ්‍යාපන ආයතනය සහ බෙයිජිං හි ඇති වෙනත් විශ්වවිද්‍යාලවල ස්පාඤ්ඤ භාෂාව ඉගෙන ගන්නා  සිසුන් සහ ගුරුවරුන් 300 කට අධික සංඛ්‍යාවක් මෙම උත්සවයට සහභාගී වූහ.

උත්සවය ආරම්භයේ දී, ලෙටීසියා රැජින  යෞචුන්, යං ඩැන්, වං දිංහුවා සහ ජ්‍යා වෙන්ජියෙන් යන අය සමඟ එක්ව1950 දශකයේදී බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ සහ වෙනත් විශ්වවිද්‍යාලවල ස්පාඤ්ඤ භාෂා පාඨමාලා උගැන්වීමට පළමුවෙන් පැමිණි ස්පාඤ්ඤ ගුරුවරුන්ට ඔවුන්ගේ කෘතඥතාවය සහ ගෞරවය පළ කරමින් සමරු ඵලකයක් නිරාවරණය කිරීමේ උත්සවයට සහභාගී විය.

බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ස්පාඤ්ඤ සහ පෘතුගීසි ආයතනයේ අධ්‍යක්ෂ චැං ෆුලියැං බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ සහ ජාතික විශ්වවිද්‍යාලවල ස්පාඤ්ඤ භාෂා විශේෂතා ඉගැන්වීමේ සහ පර්යේෂණවල සංවර්ධන ඉතිහාසය සහ ප්‍රගතිය හඳුන්වා දුන්නේය.

බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ස්පාඤ්ඤ විශේෂතා ශිෂ්‍ය මා කෙයිං සහ ජාත්‍යන්තර සම්බන්ධතා විශේෂතා ශිෂ්‍ය ඇල්බට් යන දෙදෙනා ස්පාඤ්ඤ සහ චීන භාෂාවෙන් කතාබහක නිරත වූ අතර, චීනය සහ බටහිර රටවල තරුණ තරුණියන් භාෂා ඉගෙනීමේ න්‍යෝන්‍ය ආශ්වාදය සහ අනුනාදය මෙහිදී පෙන්නුම් කළේය.

බෙයිජිං විදේශ අධ්‍යයන විශ්ව විද්‍යාලයේ ස්පාඤ්ඤ භාෂා ඉගැන්වීමේ පර්යේෂණ සහ හුවමාරු ජයග්‍රහණ පිළිබඳව ස්පාඤ්ඤයේ ලෙටීසියා රැජින මහත් උනන්දුවක් දැක්වූ අතර, පැමිණ සිටි ගුරුවරුන් සහ සිසුන් සමඟ සුහද හා මිත්‍රශීලී සාකච්ඡාවක නිරතවිය.



Baidu
map